ඓතිහාසික දඹදෙණි රාජධාණියට අයත් අලව්ව නගර මධ්‍යයේ පිහිටා ඇති ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය
1910 දශකයේ මුල් භාගයේදී සීමිත සිසු පිරිසකගෙන් ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ කර ඇත. අලව්ව ප්‍රදේශයේ වැඩ වාසය කළ රාජකීය පණ්ඩිත පූජ්‍ය ශ්‍රී රතනාලංකාර ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අලව්වේ විසූ එම්.එම්. පුංචිබණ්ඩා ලොකු රාළහාමි විසින් පොල් අතු සෙවිලි කරන ලද තාවකාලික ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී. වසර පහක පමණ කාලයක් මෙම ගොඩනැගිල්ලේ පාසල පවත්වාගෙන ගිය අතර පසුව එම්.එම්. පුංචිබණ්ඩා ලොකු රාළහාමි ඇතුළු සොයුරු පිරිස විසින් විද්‍යාලයට භූමියක් හා ස්ථිර ගොඩනැගිල්ලක් ද පරිත්‍යාග කරන ලදී.
1920 වසරේදී බාලිකා විදුහලක් වශයෙන් මෙම පාසලේ අධ්‍යාපන කටයතු සිදු කරන ලදී. 1935 දී බාලික්වන් 100 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් තිදෙනෙකුගේ දායක්ත්වයෙන් 1 ශ්‍රේණියේ සිට 7 ග්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදී.
1960 වන විට සිසුන් 275 ක් හා 9 දෙනෙකුගෙන් යුත් ඇඳුරු මඩුල්ලකින් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරන ලද අතර 8 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරන්නට විය.
1970 වන විට සිසු පිරිස 500 දක්වා වර්ධනය වූ අතර ඇඳුරු මඩුල්ල 10 දෙනෙකුන් සමන්විත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1970 වසරේදී මෙම විදුහල 2 වන ශ්‍රේණියේ විද්‍යාලයක් බවට පත්විය.
1980 වන විට ඇදුරු මඩුල්ල 37 ක් දක්වා වර්ධනය වූ අතර සිසු සංඛ්‍යාව 800 ඉක්මවවීය. දිනෙන් දින වර්ධනය වන්නට වූ ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය 1895 වන විට ආචාර්ය මණ්ඩලය 45ක් හා ශිෂ්‍ය සංඛ්‍යාව1400 ට ආසන්න විය.
1975-1985 දශකය පාසලේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ වකවානුවක් විය. පාසලේ භෞතික හා මානව සම්පත් වල සීඝ්‍ර දියුණුවක් සිදු වූ අතර ඒ සඳහා ගුරු දෙගුරුන්ගෙන් මහත් දායකත්වයක් ලැබුණි.









