පාසල් ගීතය
සුරු විරු ගුණ රැදුණු
නැණ නුවණින් දියුණු
අද දරු දැරියෝ
හෙට වැඩිහිටියෝ
වගකීමෙන් පිරුණු
විදු සක්විති සේ හෙළ බස උගනිමු
ගැමුණු නිරිදු සේ හෙල රැසසුරකිමු
මහ පැරකුම් සේ හෙළ දෙස නංවමු
අපගේ පණ වාගේ ....//
සිප් සත සයුරකි
පෙරසර සවියකි
අලව්ව මහ විදුහල් මාතා
ආදර සිසු බැති චාමර පවනින්
සැරදේ වොරදේවා.......//
පද රචනය - චන්ද්‍රදාස රාජපක්ෂ මහතා
තනු නිර්මාණය- සමන් ගුණවර්ධන මහතා සහ ජේ.එච්.ඩී. ජයමහ මහතා









