සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg

විදුහල්පති පණිවිඩය

පී.බී. දමයන්ති ජයසේකර

තාක්ෂණයෙන් නව ලොවක් කරා යන වේගවත් ගමනකට ලෝකයේ සෑම රටක්ම යොමු වී ඇති වකවානුවක ශ්‍රී ලාංකේය නියෝජනය ද වඩ වඩා පුළුල් කරලීම වර්තමානයේ අවධානයට ගෙන ඇති කරුණකි. එහිදී පාසල් අධ්‍යාපනය තුළින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම හා එහි ප්‍රායෝගික වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමේ ඵලදායී ක්‍රියාමාර්ගයන් ගත හැකිය. එකී ක්‍රියාදාමයට උරදෙනුවස් රතනාලංකාර විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශය මඟින් පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා පියවර ගැනීම ප්‍රශංසා කටයුතුය. තොරතුරු තාක්ෂණ විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේද සුවිශේෂී දක්ෂතාවන්ට අවස්ථාව ලබා දීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. ප්‍රදේශය තුළ ප්‍රාථමික අධ්‍යාපනයෙන් විශිෂ්ඨ පාසලක් ලෙස ප්‍රසිද්ධියට පත් රතනාලංකාර මහා විද්‍යාලය වර්තමානයේ අ.පො.සසාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඇතුළත් ද්විතීයික අංශයෙන් ද උසස් ප්‍රතිඵල පාසලක් බවට පත්වී ඇත. ක්‍රීඩා, සෞන්දර්යය යන විවිධ අංශ වලින් ද කැපී පෙනෙන දක්ෂතා දක්වන විනයගරුක දරු පිරිසක් අධ්‍යාපන ලබන පාසලක් ලෙස විශිෂ්ටත්වයට පත් අප පාසලේ මේ කාර්යය ද තවත් ජයග්‍රහණයක් වන්නේ ඒ නිසාවෙනි. එකී කාර්යය සාඵල්‍ය බවට පත් කළ පාසලේ තොරතුරු තාක්ෂන අංශයට මාගේ ප්‍රණාමය.

Mrs. පී.බී. දමයන්ති ජයසේකර
විදුහල්පති
ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය.