සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.කේ.ඩී.ටී. අමරසිංහ

පරිගණක සාක්ෂරතාවය නිසා අධ්‍යාපන දර්ශකයේ ඉහළම තැනට ළගාවෙමින් පවතින ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කෙරේ අවධානය යොමු කිරීම වර්තමානයේ වැඩි වී ඇත. විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණික භාවිතයන් වඩා පුළුල් වන වකවානුවක ඊට දායකත්වය ලබා දෙමින් රතනාලංකාර විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය වෙබ් අඩවියක් නිර්මමාණය කිරීම සදහා තැබූ පියවර අගය කළ යුතුය. අධ්‍යාපනික,සෞන්දර්යය, ක්‍රීඩා ආදී විවිධ අංශ මඟින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ඉදිරියට එන ප්‍රාථමික හා ද්වීතීයික අංශ සහිත පාසලක් ලෙස මේ දක්වා අප ලැබූ විවිධ ජයග්‍රහණයන් සමග මෙයද සුවිශේෂී ජයග්‍රහණයකි. එම කාර්යයය සඳහා දායක වෙමින් සිසුන්ගේ හැකියා දක්ෂතා ඔප් නැංවීමට ක්‍රියා කරන අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයට ස්තූතිවන්ත වන අතර මේ මඟින් අප විද්‍යාලයේ දීප්තිය තව තවත් පැතිරේවා යනු මාගේ පැතුමයි.

Mrs. ඒ.කේ.ඩී.ටී. අමරසිංහ
නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය.